
ලබන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බදු සහනය අවසන්වීමෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළදී රියදුරන්ට දැරීමට සිදුවන අමතර පිරිවැය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා අමතර සත 25 ක් වියදම් කිරීමට ඔවුන්ට සිදුවනු ඇති.
එනම් පෙට්‍රල් ලීටර් 60 ක් මිළදී ගන්නා විට වැයවන අමතර මුදල ඩොලර් 15 ක්.

සතියකට වරක් පෙට්‍රල් ලබාගන්නා අයෙකුට මාසයකට ඩොලර් 60 ක පමණ අමතර මුදලක් මේ අනුව අපේක්ෂා කෙරෙනවා.
කෙසේවෙතත් ඉන්ධන මිළ ගණන් වැඩිවන දිනයක් රජය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.

ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පසුගියදා සඳහන් කලේ පෙට්‍රල් ලීටර් මිලියන 700 ක පමණ සංචිතයක් පැවතීම හමුවේ ඉතා ඉක්මණින් මිළ ගණන්වල ඉහළයාමක් අපේක්ෂා නොකරන බවයි.
පැවති ස්කොට් මොරිසන් රජය විසින් ජීවන වියදම ඉහළයාමට එක් විසඳුමක් ලෙස පසුගිය මාර්තු මාසයේදී පෙට්‍රල් සඳහා බදු සහනයක් ලබාදුන් අතර එය ලබන බ්‍රහස්පතින්දා එනම් 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතයි.
එය දීර්ඝ කිරීමක් නොකරන බවටයි ලේබර් පක්ෂ රජය අවස්ථා කිහිපයකදී අවධාරණය කලේ.