
ඔස්ටේ්‍රලියාවට නීති විරෝධීව පැමිණීමේදී අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් කඳවුරුවල සිටින අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ කටයුතු කඩිනම් කිරීමට ලේබර් රජය තීරණය කර තිබෙනවා.
සංක්‍රමණ කටයුතු අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සඳහන් කලේ ඔවුන්ට bridging වීසා හෝ ස්ථිර වීසා (PR) ලබාදීම එක් විකල්පයක් බවයි.
නොසේනම් ගත යුතු වෙනත් විකල්ප කවරේදැයි නිර්දේශ ලබාදීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කර ඇති බවද අමාත්‍යවරයා කියාසිටියා.

මේ වනවිට ඔස්ටේ්‍රලියා රැඳවුම් කඳවුරුවල සිටින අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1400 කට ආසන්නයි.
රට තුළ ක්‍රියාත්මක දේශ සීමා නීති හෝ සංක්‍රමණ ප්‍රතිපත්තියෙන් බැහැර නොවී ඔවුන් සම්බන්ධයෙන් පියවරක් ගැනීම ලේබර් පක්ෂ රජයේ අපේක්ෂාව බවයි සංක්‍රමණ අමාත්‍යවරයා සඳහන් කලේ.
