Search

දකුණු ඔස්ටේ්‍රලියාව හෙදියන් සංඛ්‍යාව දෙගුණ කරයි

How_to_become_a_registered_nurse_612px

දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන් සංඛ්‍යාව දෙගුණ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කල ඩොලර් මිලියන 25 ක වැඩසටහන යටතේයි.

හෙද උපාධිය අවසන් කිරීමෙන් පසු රෝහල්වල පුහුණුව සඳහා දැනට වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව 600 ක් වන අතර එය 1200 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

දැනට දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල්වල පවතින හෙද හිගය හමුවේ රෝහල්වල පවතින පීඩනය මෙමගින් අවම වනු ඇතැයි අපේක්ෂිතයි.

මීට සමගාමීව පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ගේ සංඛ්‍යාවද ඉහළ දැමීමටයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.

ඔස්ට්‍රේලියාවට එන විදෙස් සිසුන්ගේ නවාතැන් ගැටළුව තවත් උග්‍ර වෙයි ?

ඔස්ට්‍රේලියානු රජය විසින් 2023-24 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා ඡාත්‍යන්‍තර සිසුන් සංඛ්‍යාව සීමා කළද එම ප්‍රමාණය සමස්ත කුලී නිවාස වෙළදපොළෙන් 4% ක් පමණක් වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »