
02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු ඇයගේ රුව ඇතුළත් කාසිවල අනාගතය සම්බන්ධයෙන් පළවු විවිධ වාර්තාත් සමග ඔස්ටේ්‍රලියාව තුළ නිකුත්කරන කාසි පිළිබඳවද දැඩි කථාබහක් ඇතිවුණා.
මේ සමගම ඔස්ටේරලියාව තුළදී නිකුත් කරන කාසි හා නෝට්ටු සම්බන්ධයෙන් ඇතමුන් නොදන්නා තොරතුරු කිහිපයක් ඔස්ටේ්‍රලියා සංචිත බැංකුව විසින් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
වසරකට මෙරටදී නිකුත් කරන කාසි ප්‍රමාණය මිලියන 120 ත් 140 ත් අතර පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

ඩොලර් 02 කාසියක් නිෂ්පාදනය සඳහා සංචිත බැංකුවට යන වියදම සත 20 ක් පමණයි.
මේ අනුව කාසියක් අඩු මිළට නිපදවා වෙළඳපොළට නිකුත් කිරීමෙන් වාර්ෂිකව සංචිත බැංකුව උපයන මුදල ඩොලර් මිලියන ගණනකි.

මෙම වසරේදී එය ඩොලර් මිලියන 59 ක් ලෙස තක්සේරු කර ඇති අතර ලබන වසරේදි ඩොලර් මිලියන 67 ක් බවට ගණන් බලා ඇත.
වසරකට අතුරුදන් වන කාසි ප්‍රමාණය සැළකූවිට ඒවායේ වටිනාකමද ඩොලර් මිලියන ගණනකි.
මහමග – ජලාශ වැනි ස්ථානවලට පතිතවන කාසි ඉන් බහුල වේ.
ඩොලර් 100 නෝට්ටුවක් මුද්‍රණය සඳහා යන වියදම ඔබ දන්නෙහිද ?
සත 32 කි.
2020-21 කාලසීමාවට අදාලව නෝට්ටු මිලියන 234 ක් මුද්‍රණයට ඩොලර් මිලියන 74 ක් වියදම් වී තිබිණ.
කාසි සහ නෝට්ටු නිකුත් කිරීමෙන් ඔස්ටේ්‍රලියා සංචිත බැංකුව වසරකට උපයන ආදායම ඩොලර් බිලියන ගණනක් බව මෙමගින් පැහැදිලි වේ.