Search

ලංකාවේ පාර්ලිමේන්තුවෙන් කෑම කෑ පිරිසක් ලෙඩවීම ගැන විමර්ශන

ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ ආහාර කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි වාර්තා වේ.

ආහාර විස වීමට හේතුව සොයා ගැනීම සඳහා එම ආහාර රජයේ රස පරීක්ෂක වරයාට මෙසේ යැවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සමග මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුර වීමෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඉකුත් 22 වැනිදා ඇතුළත් කරනු ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.

ඒ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් කළ පැමිණිල්ලක් අනුවය.

සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි භෝජනාගාර අංශයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට පෙරේදා (23) දහවල් බත් සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක්  හමුවිය.

මාධ්‍යවේදියකු ආහාර ගනිද්දී ඔහුට මෙම ගෝනි නූල හමු වීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි  නූල  ඔවුන්ට බාරදී ඇත.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන් ප්ලාස්ටික් කැබලි තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙරද  වරින් වර සොයා ගැනිණ.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »