Optus සමාගමෙන් සොරාගත් දත්ත ප්‍රසිද්ධියේ අලෙවියට – AusLanka TV – Australian News for the Sri Lankan community

Optus සමාගමෙන් සොරාගත් දත්ත ප්‍රසිද්ධියේ අලෙවියට

Optus සමාගමෙන් සොරාගත් දත්ත ප්‍රසිද්ධියේ අලෙවියට

Optus සමාගමට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව dark web සහ අන්තර්ජාල forum පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සොරා ගැනීමට ලක්වූ බව පැවසෙන දත්ත, ඇතැම් අන්තර්ජාල forum හරහා අලෙවි කෙරෙන බවට වන වාර්තා ඊට හේතුවයි.

ඊ-මේල් ලිපින – උපන්දින – පුද්ගල නාමයන් – දුරකථන අංක – ගුවන් ගමන් බලපත් අංක සහ රියදුරු බලපත් අංක මෙලෙස අලෙවි කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් Optus සමාගම විසින් මෙය මේ දක්වා නිල වශයෙන් සනාථ කර නැහැ.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව සොරාගත් දත්ත මිළදී ගැනීම දඩයක් සහ වසර 10 ක උපරිම සිර දඩුවමක් නියමවිය හැකි වරදක් වනවා.

සයිබර් ආරක්ෂණ සමාගම් කිහිපයක් විසින් තහවුරු කර ඇත්තේ සොරාගත් දත්ත රැසක් අන්තර්ජාල forum හරහා අලෙවි වෙමින් පවතින බවයි.

එහෙත් ඒවා Optus සමාගමෙන් සොරාගත් ඒවාද යන්න Optus සමාගම විසින් පැහැදිලි ප්‍රකාශයක් කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

COMMENTS