
සිරියානු මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් මියගිය සංඛ්‍යාව 77 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
දිවි ගලවා ගත් 20 දෙනෙකු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අදාළ බෝට්ටුව අනතුරට පත්වන විට එහි පුද්ගලයින් 120-150ත් අතර පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

ලෙබනන්, සිරියානු සහ පලස්තීන ජාතිකයන් පිරිසක් එහි සිට ඇති අතර එහි කාන්තාවන් සහ ළමුන් ද සිට ඇත.
යාත්‍රාව සයිප්‍රසයට යමින් සිටියදී අනතුරට ලක්ව ඇති අතර අනතුරට හේතුව අනාවරණය වී නොමැති බවය විදෙස් වාර්තා සඳහන් කළේය.
