
ආර්ථික අවපාතයක් කරා ඔස්ටේ්‍රලියාව ගමන් කිරීමට පෙර එම තත්වය වළක්වා ගැනීමට හැකිවනු ඇති බවට ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරනවා.
රැකියා වෙළඳපොළ ශක්තිමත් මට්ටමක පැවතීම සහ ඉතුරුම් ඉහළ අගයක පැවතීම හමුවේ එවැනි අවධානමක් දැනට උද්ගතව නොමැති බවයි ඔවුන් පුරෝකථනය කරන්නේ.
අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය – ජර්මනිය වැනි ලොව ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවල් රැසක් මේ වනවිට උද්ධමනය හමුවේ පොළී අනුපාතිකයන් ඉහළ දමමින් සිටිනවා.

ඔස්ටේ්‍රලියාවද මාස කිහිපයක සිට පොළී අනුපාත ඉහළ දමමින් සිටින අතර එය ආර්ථික අවපාතයක පූර්ව ලක්ෂණයක් බවටත් ඇතැමුන් අනතුරු අගවනවා.
කෙසේවෙතත් එවැනි අවධානමක් නොමැති බවත් ලබන මාර්තු මාසයෙන් පසුව ආර්ථිකය නැවත යථා තත්වයට පත්වනු ඇති බවටත් ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

මාර්තු වනවිට අගය සියයට 3.6 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවටත් මේ අතර අනාවැකි පළවනවා.