
මංකිපොක්ස් වෛරසය වික්ටෝරියා ප්‍රාන්තයෙන් තුරන්වීම ආරම්භ වී ඇතැයි ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් පවසනවා.
පසුගිය සති කිහිපය පුරා කිසිදු නව ආසාධිතයෙකු වාර්තා වී නොමැති බවයි ඔහු සඳහන් කලේ.
අවසන්වරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මංකිපොක්ස් ආසාධිතයෙකු සටහන්වී ඇත්තේ පසුගිය 07 වනදායි.

ඒ අනුව මේ දක්වා වික්ටෝරියාවෙන් හමුවූ මුලු මංකිපොක්ස් ආසාධිතයන් ගණන 67 ක්.
අනෙක් සෑම ප්‍රාන්තයකින්ම හමුවී තිබුණේ ඊට වඩා අඩු ආසාධිතයන් බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මංකිපොක්ස් වෛරසයට එරෙහිව දැඩි පියවර අනුගමනය කිරීම මීට හේතුව වී තිබෙනවා.