Search

ඔස්ටේ්‍රලියා රියදුරන් මුහුණ දෙන අප්‍රසන්නම අත්දැකීම් ගැන නවතම වාර්තාවක්

ඔස්ටේ්‍රලියාව පුරා රියදුරන් මහමගදි මුහුණ දෙන අප්‍රසන්නම අත්දැකීම් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් එළි දක්වා තිබෙනවා.

Royal Automobile Association (RAA) විසින් දකුණු ඔස්ටේ්‍රලියාවේ රියදුරන් 5584 දෙනෙකු යොදාගනිමිනුයි මෙම මත විමසුම සිදුකර තිබුණේ.

එහිදී සියයට 27 ක් පවසා ඇත්තේ නීතියෙන් බැහැරව වාහනය පසුකරයාමට තැත්කිරීම වඩාත්ම අප්‍රසන්නම අත්දැකීම බවයි.

මෙම වරදට අදාළව ගතවූ වසර 02 තුළදී රියදුරන් 5000 කට වැඩි පිරිසකට ඩොලර් මිලියන 1.32 ක දඩ මුදලක් නියම කර ඇති බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

පසුකර යාමේදී වම්පස ආරක්ෂා කර නොගැනීම දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සියයට 17 ක් රියදුරන් එය තමා අත්විඳි නරකම අත්දැකීම බවට අදහස් දැක්වීමත් සමගයි.

නිසි ලෙස සංඥා නොදැක්වීම සියයට 14 ක් / පසුකර යාමට නොහැකි කලාපවලදී වේගය ඉහළ දැමීම සියයට 12 ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.

රිය පැදවිමේදී ජංගම දුරකථන භාවිතය ඇතුලු තවත් කරුණු රැසක් පිළිබඳවද මෙම මත විමසුමට එක්වූ රියදුරන් විසින් අදහස් පළකර තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »