ලංකාවෙන් හොරෙන් පනින්න ගිය තව 12 ක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිසක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඊයේ (22) රාත්‍රියේ මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරය අවට සිදුකළ සෝදිසිකිරීමක දී නාවික හමුදාව විසින් මෙම පිරිස සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්, කාත්තාවන් තිදෙනෙක් සහ වයස අවුරුදු 18ට අඩු 07 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 12දෙනෙකු සිටී.

මෙම සැකකරුවන් වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් මන්නාරම පොලීසිය වෙත භරදී තිබේ.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »