ගිය සතියේ වැඩිම කොවිඩ් මරණ වික්ටෝරියාවෙන්

පසුගිය සතියේදී ඔස්ටේ්‍රලියාවේ වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් වැඩිම සංඛ්‍යාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ මරණ 80 ක් ලෙසයි.

වික්ටෝරියාවෙන් ගිය සතියේ හඳුනාගෙන ඇති මුලු කොවිඩ් ආසාධිතයන් ගණන 10,360 ක්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 14,170 ක් සහ මරණ 69 ක් සටහන්වී තිබෙනවා.

ACT ප්‍රාන්තයෙන් ආසාධිතයන් 730 ක් වාර්තා වි තිබෙනවා.

දකුණු ඔස්ටේ්‍රලියාවෙන් ආසාධිතයන් 3,037 ක් සහ මරණ 23 ක් සටහන්වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 9166 ක් සහ මරණ 37 ක් සටහන්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »