ක්වන්ටාස් vegetarian meal නොදීම අත්හිටුවයි

අභ්‍යන්තර කෙටි ගමනාන්ත ගුවන් ගමන්වලදී නිර්මාංශික (vegetarian) ආහාර ලබානොදීමට ගත් තීරණය වෙනස් කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එවැනි ආහාර සහ කෙටි ආහාර (snacks) ලබාදීම වැඩි කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

පැය 3 1/2 ට අඩු කාලයක් ගතවන ගුවන් ගමන් සඳහා නිර්මාංශික ආහාර ලබාදීම අත්හිටුවීමට ක්වන්ටාස් ගුවන් සමාගම පසුගියදා තීරණය කලා.

එහෙත් ඒ සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධයක් එල්ලවිම හමුවේ එම තීරණය වෙනස් කිරීමටයි ඔවුන්ට සිදුවී ඇත්තේ.

සියල්ලන්ට වඩා මහජන අදහස් ප්‍රමුඛත්වයෙහි ලා කටයුතු කිරීම ක්වන්ටාස් සමාගමේ මූලික අපේක්ෂාව බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »