ලංකාවේ වත්මන් තත්වය නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සිඩ්නි නුවර වාසය කරන ලාංකික ප්‍රජාව සහ නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවේ සභිකයන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තත්වය නිරාකරණයට ඔස්ටේ්‍රලියාවට සහය විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු බව සඳහන්.

ත්‍රස්ත මර්දන පණත යොදාගනිමින් සිවිල් ක්‍රියාකාරීන් මර්දනයට වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව ලාංකික ප්‍රජාව මෙහිදී දැඩි කණස්සල්ල පළකර තිබුණා.

එමෙන්ම ආරක්ෂක අංශ හරහා එල්ලවන බලපෑම් පිළිබඳවද නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තු සභිකයන් දැනුවත් කර තිබෙනවා.

පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් මෙහිදී සභිකයන් වෙත භාරදී ඇති අතර එය මීලග පාර්ලිමේන්තු සැසියේදී සභාගත කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් සිදුකරන ලෙසද සිඩ්නි නුවර ලාංකික ප්‍රජාව ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ සඳහා තම උපරිම කැපවීමක් ප්‍රාන්ත රජය හරහාත් ෆෙඩරල් රජය හරහාත් සිදුකරන බවටයි සභිකයන් පිරිස පොරොන්දුවී ඇත්තේ.

මේ අතර ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරි දිනවලදී හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ පැහැදිලි කිරීමටද සිඩ්නි ලාංකික ප්‍රජාව සූදානමින් පසුවනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »