ඔස්ටේ්‍රලියා පාස්පෝට් ගන්න ඉන්න අයට සිහි කැඳවීමක්

එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී විදෙස් සංචාර සඳහා යාමට අපේක්ෂා කරන ඔස්ටේ්‍රලියානුවන් සඳහා විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අලුතින් ගමන් බලපත්‍රයක් අයදුම් කරන්නේ නම් හෝ ගමන් බලපත්‍රය අලුත් කරන්නේ නම් දැන්ම ඒ සඳහා කටයුතු කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

දැනටමත් ගමන් බලපත්‍ර සකස් කිරීමේදී දැඩි ප්‍රමාදයන් පැවතීම ඊට හේතුවයි.

සැප්තැම්බර් මාසය ආරම්භය වනවිට දිනකට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් 12,000 ක් පමණ ලැබුණද මේ වනවිට එය 15,000 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

කොවිඩ් වසංගතය ආරම්භයට පෙර එය පැවතියේ 7,000 ත් 9,000 ත් අතර අගයකයි.

මෙම මාසයේ මේ දක්වා කාලය තුළ නව විදේශ ගමන් බලපත් අයදුම්පත් 160,000 ක් පමණ ලැබී ඇති අතර නිකුත් කර ඇති ගමන් බලපත් සංඛ්‍යාව ලක්ෂ 02 කට ආසන්නයි.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »