ඔස්ටේ්‍රලියාවේදී සම්මාන දිනූ චිත්‍රපටය අරන් ප්‍රසන්න විතානගේ ඔස්ටේ්‍රලියාවට

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද සම්මානලාභී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ගාඩි ලබන 25 වනදා බ්‍රිස්බන් හිදී ප්‍රදර්ශනය කෙරෙනවා.

එදින පස්වරු 06 ට Dendy Cinemas Coorparoo හිදි එම තිරගත කිරීම සිදුවනු ඇති.

1814 වසරේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකික ජනතාව ගත කල ජීවිතය අළලා ගාඩි චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූව කි.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “ගාඩි” චිත්‍රපටය 14 වැනි Asia Pacific Screen Awards (APSA) අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.

සංස්කෘතික විවිධත්ව සම්මානය (Cultural Diversity Award) ලබාදෙන්නේ යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රාහකත්වය යටතේ ය.

මීට අදාල සම්මාන ප්‍රධාන උත්සවය පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණා.

මෙම සම්මාන උළෙල් සම්මානයක් සඳහා ලාංකිකයන් මීට පෙර නිර්දේශ වී තිබුණද සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උලෙළේ 15 වන අධියර ලබන නොවැම්බර් 11 වනදා මෙරටදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයීමට පාත්‍ර විය.

24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ (SFISAFF), රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළ (IFFR), 24 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ ගණනාවක දී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණි.

“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි.

රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »