Search

බ්‍රිතාන්‍ය කිරීටය එපා – ඔස්ටේ්‍රලියාව පුරා විරෝධතා

බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත්විය යුතු බවට හඩ නගමින් ඔස්ටේ්‍රලියාව පුරා අද පස්වරුවේ විරෝධතා පවත්වා තිබෙනවා.

රජුගේ පාලනයෙන් වහා ඉවත්වීමට කාලය එළැඹ ඇති බවයි විරෝධතාකරුවන් අවධාරණය කර ඇත්තේ.

මෙල්බන් නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණය සඳහා 1000 කට වැඩි පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඔවුන් ඇබොරිජින් ධජ ලෙලවමින් විරෝධතාවයේ නියැළි බව සඳහන්.

බ්්‍රස්බන් – සිඩ්නි – ඇඩිලේඩ් – කැන්බරා ඇතුලු ප්‍රධාන නගර ගණනාවකදීත් මෙම විරෝධතා පවත්වා තිබෙනවා.

එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව තුළ අද ජාතික ශෝක දිනයක් මෙන්ම නිවාඩු දිනයක් ලෙසද ක්‍රියාත්මක වුණා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »