Optus වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක් – ඔස්ටේ්‍රලියානුවන් මිලියන 09 ක් අවධානමේ

ඔස්ටේ‍රලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගමක් වන Optus හි දත්ත පද්ධතිය වෙත එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 90 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගැනීමකට ලක්වීමේ අවධානමක් මතුවී තිබෙනවා.

පුද්ගලයන් ලක්ෂ 28 කගේ පමණ ගුවන් ගමන් බලපත්‍ර අංක – රියදුරු බලපත්‍ර අංක – ඊ මේල් ලිපින – නිවාස ලිපින – උපන්දින – දුරකථන අංක ඇතුලු පුද්ගලික තොරතුරු සඳහා පිවිසීමටද සයිබර් ප්‍රහාරකයන්ට මෙහිදී හැකියාව ලැබී ඇති බවටයි වාර්තා පළවන්නේ.

තවත් මිලියන 07 කගේ පමණ ඊ මේල් ලිපින – උපන්දින – දුරකථන අංක මෙහිදී සොරාගෙන ඇති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පාරිභෝගිකයන්ගේ රහස්‍යභාවය සුරැකීමට හැකි උපරිම පියවර ගෙන ඇති බවත් Optus සඳහන් කලා.

මෑතකාලීනව ඔස්ටේ‍රලියානු සමාගමක් ලක්වූ දැවැන්තම සහ බරපතලම සයිබර් ප්‍රහාරය මෙය බවටයි සැළකෙන්නේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »