
සේවක හිගය මග හරවා ගැනීමේ අරමුණින් ශිෂ්‍ය වීසා ලාභීන්ට ලබාදී තිබූ අසීමිත පැය ගණනක් රැකියා කිරීමේ සහනය ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ ජූනි 30 වනදා සිට නැවතත් සති 02 කට පැය 40 ක උපරිමයක් පමණක් වන සීමාව බලාත්මක කෙරෙනු ඇති.
කෙසේවෙතත් එතෙක් ශිෂ්‍ය වීසා ලාභීන්ට නිවාඩු කාලවලින් බැහැරව පවා කැමති පැය ගණනක් සේවය කිරීමටත් – අධ්‍යයන පාඨමාලාව ආරම්භයට පෙර සිටම රැකියාවක නිරතවීමටත් අවස්ථාව හිමිවනවා.

කෙසේවෙතත් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ඕනෑම අයෙකු අධ්‍යයන පාඨමාලාවට මුල් තැන දිය යුතු බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
එමෙන්ම පාඨමාලා සඳහා සහභාගීවීමේ ප්‍රතිශතය සතුටුදායක මට්ටමක පවත්වාගෙන යා යුතු බවත් නැවත සිහිපත් කෙරෙනවා.

එමෙන්ම රැකියා ලබාදෙන්නන්ද නියමිත කම්කරු නීති අනුගමනය කල යුතු බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටින්නේ.