
වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ භාවිතයද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට දුම්රිය – බස් හෝ ට්‍රෑම් සේවා වලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.
ටැක්සි සේවා – සංචාරකයන් ප්‍රවාහන සේවා වැනි අංශ සඳහාත් එම සහනය හිමිවනු ඇති.

කෙසේවෙතත් රියදුරන්ට හෝ මගීන්ට අවශ්‍ය නම් තවදුරටත් මුව ආවරණ පැළඳිය හැකි වනවා.
සෞඛ්‍ය අංශ කොවිඩ් ආසාධනය වී මෑතකදී සුවය ලැබූවන්ගෙන් සහ ආශ්‍රිතයන්ට දැනුම් දෙන්නේ අඛණ්ඩව මුව ආවරණ පැළඳීම වඩාත් යෝග්‍ය බවටයි.

මේ වනවිට බටහිර ඔස්ටේ්‍රලියා – දකුණු ඔස්ටේ්‍රලියා – ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත 04 ම පොදු ප්‍රවාහන සේවයේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.
මේ අනුව පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්යව පවතින්නේ ACT – Northern Territory සහ ටස්මේනියාවේ පමණයි.