
ඔස්ටේ්‍රලියාව ජනරජයක් විය යුතු බවට ස්ථාවරය දරන පිරිස සියයට 46 ක් දක්වා අඩුවී තිබෙනවා.
02 වන එළිසබෙත් රැජිණගේ මරණයට පෙර එය සියයට 50 ඉක්මවා සටහන්වී තිබුණා.
කෙසේවෙතත් ගතවූ සති 02 ක කාලය තුළදී මහජන මතය සැළකිය යුතු ලෙස වෙනස් වී ඇති බවයි අද නිකුත් වු නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

අගමැති ඇන්තනී ඇල්බනීස්ද පසුගියදා සඳහන් කලේ අවම වශයෙන් 2025 වසර වන තෙක් හෝ ජනරජයක් වීමට අදාල ජනමත විචාරණයක් නොපත්වන බවටයි.
මේ අතර රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා බ්‍රිතාන්‍යය බලා ගොස් සිටි අගමැති ඇන්තනී ඇල්බනීස් අද පෙරවරුවේ යළිත් සිඩ්නි ගුවන් තොටුපළට ළගාවී තිබුණා.
