05 – 11 ත් අතර ඔස්ටේ්‍රලියානු ළමුන්ට බූස්ටර් ලෙස ෆයිසර් සඳහා අනුමැතිය

වයස අවුරුදු 05 ත් 11 ත් අතර ඔස්ටේ්‍රලියානු ළමුන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත යොදා ගැනීම සඳහා විසින් අනුමැතිය දී තිබෙනවා.

මේ අනුව මීලග අනුමැතිය සඳහා එම යෝජනාව එන්නත්කරණය පිළිබඳ තාක්ෂණික උපදේශන කමිටුව වෙත යොමු කිරීමට නියමිතයි.

එහිදීද අනුමැතිය ලදහොත් වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ඔස්ටේ්‍රලියාව තුළදී ෆයිසර් එන්නත යොදා ගැනෙනු ඇති.

දැනට මෙරට තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන්ගෙන් අවම වශයෙන් එක් කොවිඩ් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 50 ක් ලෙසයි.

සියයට 40 කට වැඩි පිරිසක් මාත්‍රා 02 ක් ගෙන තිබෙනවා.