අනිද්දා ඔස්ටේ්‍රලියාව පුරා විනාඩියක නිහඩතාවයක්

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති අනිද්දා (22) දිනයේදී ඔස්ටේ්‍රලියාව පුරා විනාඩියක නිහඩතාවයක් අනුගමනය කිරීමට ෆෙඩරල් රජය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එදින පෙරවරු 11 ට එම නිශ්ශබ්දතාවය අනුගමනය කරන ලෙසයි සියලුම ප්‍රාන්ත රජයන් වෙත දන්වා ඇත්තේ.

එදිනට රජයේ ගොඩනැගිලි සහ කාර්යාලවල ඔස්ටේ‍රලියානු ජාතික කොඩිය අඩකුඹු කර තැබීමටද නියමිතයි.

කෙසේවෙතත් ආණ්ඩුකාර ජනරාල්වරයාගේ මෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ ධජයන් පූර්ණව ඔසවා තැබෙනු ඇති.

Information on flag protocol : http://www.pmc.gov.au/flag

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »