
පෙට්‍රල් බදු සහනය ලබන 28 වනදා මධ්‍යම රාත්‍රියේදී අවසන්වුවද ඊට පසු දිනම ඉන්ධන මිල ඉහළයාමක් අපේක්ෂා නොකරන බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසනවා.
අවශ්‍ය තරම් ඉන්ධන තොග සංචිත පැවතීම ඊට හේතුව බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.
අඩු මිළ ගණන් යටතේ ආනයනය කරන ලද ඉන්ධන ලීටර් මිලියන 700 ක පමණ සංචිතයක් රට තුළ පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර රුසියාවෙන් මිළදී ගන්නා බොරතෙල් සඳහා උපරිම මිළ සීමාවක් පැණවීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
හැකිතාක් ඔවුන්ට පීඩනයක් එල්ලකිරීම එහි අරමුණ බවයි ජිම් චාමර්ස් සඳහන් කලේ.
