ක්වන්ටාස් vegetarian meal නතර කරයි

තෝරාගත් අභ්‍යන්තර ගුවන් වාර කිහිපයක් සඳහා නිර්මාංශික ආහාර (vegetarian meal) ලබාදීම නතර කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තී්රණය කර තිබෙනවා.

ඒ අනුව පැය 03 1/2 කට අඩු කාලයක් ගතවන ගුවන් ගමන්වලදී මගීන්ට තෝරා ගැනීමකින් තොරව ගුවන් සේවය මගින් සපයන ආහාරවේලක් පමණක් භූක්ති විඳීමට සිදුවනු ඇති.

කොවිඩ් වසංගත සමයත් සමග 2020 වසරේ ජූනි මාසයේදීත් මෙලෙසම ආහාර වේල් තෝරාගැනීම් කපා හැරීමට ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබුණා.

නිර්මාංශික ආහාර පමණක් ගන්නා ගුවන් මගීන් වෙතොත් ඔවුන්ට සැහැල්ලු වෙනත් ආහාරයක් හෝ රසකැවිලි ලබාදීමට පියවර ගන්නා බවයි ක්වන්ටාස් නිවේදනය කලේ.

වියදම් කපා හැරීම මෙම නව සංශෝධනයේ ප්‍රධාන අරමුණයි.

අදාළ ගුවන් මාර්ගවලදී තවදුරටත් විශේෂිත ආහාර සැපයීමක් සිදුවන්නේද නැහැ.

කෙසේවෙතත් පැය 3 1/2 ට වැඩි කාලයක් ගතවන අභ්‍යන්තර ගුවන් ගමන්වලදී මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී ආහාර වේල් කිසිදු වෙනසකට ලක් කර නොමැති බවද ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කරනවා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »