පෙට්‍රල් කෑන් සමග සිටි අයෙකු හේතුවෙන් මෙල්බන් CBD හි දැඩි නොසන්සුන් තත්වයක්

පෙට්‍රල් කෑන් කිහිපයක් සහ අනතුරුදායක ද්‍රව්‍ය කිහිපයක් සමග සිටි පුද්ගලයෙකු හේතුවෙන් මෙල්බන් CBD හි දැඩි නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙනවා.

William Street සහ Little Bourke Street අතර ප්‍රදේශය මේ හේතුවෙන් තාවකාලිකව වසා දැමීමටයි පොලිසිය අද පෙරවරුවේ කටයුතු කලේ.

අදාළ තැනැත්තා මේ වනවිට අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර තිබෙනවා.

මේ වනවිට කිසිදු අනතුරුදායක තත්වයක් නොමැති බවද පොලිසිය පවසනවා.

අදාළ තැනැත්තා ට්‍රොලියක බහා අදාළ ද්‍රව්‍ය රැගෙන යාම හේතුවෙනුයි නොසන්සුන් තත්වයක් හටගෙන තිබුණේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »