
අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයේ දේව මෙහෙය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී මේ වන විට පැවැත්වෙනවා.
මහජන ගෞරවය සඳහා වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය පෙරහරකින් වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
එම පෙරහරට තුන් වැනි චාල්ස් රජු, විලියම් සහ හැරී කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් එක් වූ අතර, වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළට රැජිණගේ දේහය රැගෙන ඒමෙන් පසු එහි තැන්පත් කිරීමෙන් අනතුරුව යි දේව මෙහෙය ආරම්භ කෙරුණේ.

එම අවස්ථාවට රාජ්‍ය නායකයන් එක් ව සිටිනවා.
LIVE VIDEO :

https://www.youtube.com/watch?v=V_gy9DFtw5U