දිගු කලකට පසු ක්වන්ටාස් ගැන සතුටුදායක පුවතක්

ක්වන්ටාස් සමාගමේ කාර්ය සාධනය පසුගිය මාස කිහිපයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් අවලංගු කිරීම් – ප්‍රමාදවීම් සහ ගමන් මලු අස්ථානගතවීම් වල අඩුවක් දක්නට ලැබෙන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

පසුගිය ජූනි මාසයේ සියයට 7.5 ක් ලෙස පැවති ගුවන් ගමන් අවලංගු කිරීම් අගෝස්තුවේදී සයයට 04 දක්වාද මේ වනවිට සියයට 2 දක්වාද අඩුවි තිබෙනවා.

ක්වන්ටාස් ගුවන් වාර නියමිත වේලාවට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිශතය ජූනි මාසයේදී සියයට 52 ක්ව පැවති අතර අගෝස්තු මාසයේදී එය සියට 67 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

සැප්තැම්බර් මුල් දින 14 සඳහා එය සියයට 71 ක් වැනි අගයක් දක්වා වර්ධනය වී ඇති බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කලේ.

ගුවන් යානා කාර්ය මණ්ඩලය – ගුවන් තොටුපළ සේවකයන් සහ ඉංජිනේරුවන් ලෙස සමස්තයක් ලෙස 1500 කට ආසන්න අමතර සේවකයන් පිරිසක් සමාගමට බඳවා ගැනිම මීට ප්‍රධාන හේතුවයි.

අතිශය කාර්ය බහුල පාසල් නිවාඩු සහ නත්තල් සමයේ කාර්යසාධනයද ඉහළ මට්ටමක පවත්වා ගැනීමටයි කව්න්ටාස් සමාගම පියවර ගනිමින් සිටින්නේ.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »