ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කට දීමනා වැඩිවීම අද සිට

ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කට පමණ විවිධ සුභසාධක දීමනා වැඩිවීම අද (20) සිට බලාත්මක වනවා.

ඉහළ යන උද්ධමනය හමුවේ දීමනා වර්ග කිහිපයක් ඉහළ දැමීමට ෆෙඩරල් රජය මෙම මාසය මුළදී තීරණය කල අතර මේ අනුව වසර 30 කට පමණ පසුව එම දීමනා ඉහළම අගයකින් වැඩි කල පළමු අවස්ථාව මෙය වනු ඇති.

මේ යටතේ වැඩිහිටි විශ්‍රාම වැටුප – ආබාධිත විශ්‍රාම වැටුප සහ රැකවරණ දීමනාව තනි පුද්ගලයෙකුට සති 02 ක් සඳහා ඩොලර් 38.90 කින්ද යුවළක් සඳහා නම් ඩොලර් 58.50 කින්ද ඉහළ යනු ඇති.

JobSeeker, Parenting Payment, ABSTUDY – Rent Assistance යන දීමනාද අද සිට ඉහළ දමා තිබෙනවා.

ළමුන් නොමැති තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට හිමිවන JobSeeker දීමනාව වැඩි වන්නේ ඩොලර් 25.70 කින්.

ඒ අනුව එහි නව අගය ඩොලර් 677.20 ක් වනවා.

Parenting Payment දීමනාව තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට ඩොලර් 35.20 කින් වැඩි වන්නේ ඩොලර් 927.40 ක් දක්වායි.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »