වික්ටෝරියා Face mask නීති කඩ කල අයට අනතුරු ඇගවීම් 181,000 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවලදී මුව ආවරණ නීති අනුගමනය නොකළ මගීන්ට අනතුරු ඇගවීම් 181,000 ක් නිකුත් කර තිබෙනවා.

දඩ පත්‍රිකා 100 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර අවසන් බව ද සඳහන්.

මේ අතර දෙවන බූස්ටර් මාත්‍රාව හෙවත් සිව්වන එන්නත් මාත්‍රාව කොවිඩ් වසංගතයෙන් වලින් මිය යාමේ අවදානම සිව් ගුණයකින් පමණ අඩු කරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි බ්‍රෙට් සට්න් පවසනවා.

නියමිත පරිදි කුමන හෝ මාත්‍රාවක් ලබාගැනීම වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අනාගත කොවිඩ්19 රැළි පෙර පැවති තරම් දරුණු නොවිය හැකි බවද වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි බ්‍රෙට් සට්න් පවසනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »