තවත් ප්‍රාන්ත 02 ක් මුහුණු ආවරණ රෙගුලාසි ඉවත් කරයි

පොදු ප්‍රවාහනයේදී අනිවාර්ය මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කිරීමට තවත් ප්‍රාන්ත 02 ක් තීරණය කර තිබෙනවා.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ හෙට සිට මෙම රෙගුලාසි බලාත්මක වන අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලබන බදාදා සිට එය බලපැවැත්වෙනු ඇති.

රියදුරන්ට සහ මගීන්ට ඔවුන් කැමැතිනම් තවදුරටත් මුව ආවරණ පැළඳිය හැකි බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති සඳහන් කලා.

ලබන සිකුරාදා සිට aged care මධ්‍යස්ථාන වෙත පැමිණෙන අමුත්තන්ගේ උපරිම සංඛ්‍යා සීමාවන් මෙන්ම ඔවුන්ගේ එන්නත්කරණ අවශ්‍යතාද ඉවත් කිරීමටයි දකුණු ඔස්ටේ්‍රලියාව තීරණය කර ඇත්තේ.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද ටැක්සි සේවා – මගී ප්‍රවාහන නෞකා ඇතුලු ප්‍රවාහන සේවාවලද ලබන බදාදා සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවනු ඇති.

කෙසේවෙතත් පොදු රෝහල් – සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ aged care මධ්‍යස්ථානවල තවදුරටක් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »