
ලබන බ්‍රහස්පතින්දා දිනයේදී ඔස්ටේ්‍රලියාව පුරා බැංකු ගණුදෙනු කටයුතුවලට දැඩි බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
ඔස්ටේ්‍රලියානු බැංකුකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එදිනට ජාතික ශෝක දිනයක් සහ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබීම හමුවේ බැංකු ශාඛා රැසක් වසා තැබෙනු ඇති බවයි.
ඒ අනුව ඇතැම් ගෙවීම් කටයුතුවලද ප්‍රමාදයක් පවතිනු ඇති බවටයි ඔවුන් අනාවැකි පළකර සිටින්නේ.

කෙසේවෙතත් එක් එක් බැංකුවට අනුව ගණුදෙනු සිදුකෙරෙන ආකාරය වෙනස්විය හැකි බව ඔස්ටේ්‍රලියානු බැංකුකරුවන්ගේ සංගමය සඳහන් කලා.
ඒ අනුව තමාට අදාළ බැංකු ශාඛාව අමතා ලබන බ්‍රහස්පතින්දා දිනයේ ගණුදෙනු සිදුවන ආකාරය පිළිබඳ තොරතුරු තහවුරු කරගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.
