Search

ඔස්ටේ්‍රලියානුවන් අති බහුතරයක් ලබන සිකුරාදා හොර නිවාඩු දාලා

ලබන සිකුරාදා දිනයේදී ඔස්ටේ්‍රලියානු සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තාකලහොත් ආර්ථිකයට සිදුවන හානිය ඩොලර් මිලියන 500 ක් පමණ විය හැකි බවට තක්සේරු කර තිබෙනවා.

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය හමුවේ ලබන 22 වනදා එනම් බ්‍රහස්පතින්දා දිනයේදී ජාතික ශෝක දිනයක් සහ සමස්ත රටටම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි ෆෙඩරල් රජය පසුගිය සතියේදී තීරණය කලේ.

23 වන සිකුරාදා දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයට නිවාඩු දිනයක් වුවද අනෙකුත් කිසිදු ප්‍රාන්තයකට එදිනට නිවාඩු ලබාදී නැහැ.

එහෙත් අඛණ්ඩ දින 04 ක දීර්ඝ නිවාඩුවක් ලබා ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු සේවකයන් අති විශාල පිරිසක් ලබන සිකුරාදා දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව සේවාවන් නිසි පරිදි ඉටු නොවීම හමුවේ එදිනට ජාතික ආර්ථිකයට සිදුවන හානිය ඩොලර් මිලියන 461 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

22 වනදා නිවාඩුව හමුවේ බලපෑම් එල්ලවන ව්‍යාපාර සඳහා මෙය අමතර හිසරදයක් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

නිවාඩු ගැනීම සඳහා වසරේ මේ දක්වා කාලය තුළ දී කිසිදු අසනීපයක් නොමැතිව අසනීප නිවාඩු ගෙන ඇති ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව ලක්ෂ 17 ක් හෙවත් සියයට 13 ක් වනවා.

ඉන් එක් අයෙකුගෙන් ආර්ථිකයට වන හානිය ඩොලර් 354 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

එමෙන්ම ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 18 ක් මෙම වසරේ කිසිදු අසනීප නිවාඩුවක් වාර්තා කර නොමැති බවද අධ්‍යයනයකදී හෙළිවී තිබෙනවා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »