ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිලට තියුණු ජයක්

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුළු 3 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, බංග්ලාදේශ් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 9 ක් දැවි ලකුණු 158 ක් රැස් කළා.

එලයස් සනී පන්දු 29 කදි නොදැවී ලකුණු 32 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේදී කඩුළු 7 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

බ්‍රැඩ් හැඩින් පන්දු 37කදී නොදැවී ලකුණු 58 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගයි.

ෂේන් වොට්සන් ලකුණු 35 යි.

උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසන් පන්දු තුනේදී බ්‍රැඩ් හැඩින් පිට පිට හතරේ පහර 3 ක් එල්ල කරමින් ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට ජය අත්කර දීමට සමත්වීම විශේෂත්වයක් වුණා.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »