
ට්‍රක් රථ රියදුරන් විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ආ ක්‍රියාවක් ඔස්ටේ්‍රලියානු රථවාහන නීතියට පටහැණි බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.
විශේෂයෙන් ප්‍රාදේශීය මාර්ගවලදී පසුපසින් එන වාහනවලට ඉස්සර කර යාමට ට්‍රක් රියදුරන් විසින් සංඥා කරනු දක්නට හැකියි.
කෙසේවෙතත් මෙය නීතියට පටහැණි අතර කිසිදු ආකාරයකින් ක්‍රියාවේ යෙදීමෙන් වළකින්නැයි මාර්ග ආරක්ෂක අංශ විසින් රියදුරන්ට දන්වා සිටිනවා.

ඇතැම් මෝටර් රථ හිමියන් විසින් සංඥා වරදවා වටහා ගැනීමෙන් රිය අනතුරු බහුල වූ අවස්ථාද දක්නට ලැබුණු බවට වාර්තා පළවී තිබෙනවා.
මේ අතර බටහිර ඔස්ටේ්‍රලියාවේ පතල් කර්මාන්ත ට්‍රක් රථ රියදුරන්ට අදාළ සමාගම් විසින් දන්වා ඇත්තේ කිසිදු ආකාරයකින් හස්ත සංඥා සිදු නොකරන ලෙසටයි.
