
අගමැති ඇන්තනී ඇල්බනීස් සහ බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජු අතර හමුවක් පවත්වා තිබෙනවා.
එමෙන්ම බ්‍රිතාන්‍ය නව අගමැතිනී ලිස් ට්‍රස් සහ අගමැති ඇල්බනීස් අතර නිල හමුවක්ද පැවති බවයි එරට වාර්තා සඳහන් කලේ.
කෙසේවෙතත් මෙම සාකච්ඡාවලදී හුවමාරු වූ අදහස් පිළිබඳ නිල තොරතුරක් මේ දක්වා නිශ්චිතව වාර්තා වී නැහැ.

මෙම හමුවලින් අනතුරුව අගමැති ඇන්තනී ඇල්බනීස් වෙස්ට් මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති 02 වන එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරවද පුද කරනු ලැබුවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් දෙවන එළිසබෙත් මහ රැජිණ වෙනුවෙන් මල් කළඹක් තැන්පත් කර තිබෙනවා.

ඒ ලන්ඩන් නුවර බකිංහැම් මාළිගය අභියසදීයි.
සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ගේ ශෝකය දැක්වෙන කාඩ්පතක් සහ ඔස්ටේ්‍රලියා ජාතික ධජයද අගමැතිවරයා විසින් තබන ලද මල් කළඹට අන්තර්ගතයි.