Big-W අලුත් වෙනසකට දසතින් විවේච්චන

Big-W විසින් හඳුන්වා දී ඇති නව සංශෝධනයක් හේතුවෙන් දැඩි විවේච්චනයක් එල්ල වි තිබෙනවා.

ඒ Lay-by මිළදී ගැනීම් සඳහා ඩොලර් 15 ක සේවා ගාස්තුවක්ද – කිසියම් අයුරකින් ඇණවුම අවලංගු කලහොත් ඩොලර් 20 ක දඩයක්ද අය කිරීමට ඔවුන් ගෙන ඇති තීරණයටයි.

Big-W පවසන්නේ සිය සේවා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව මෙම නව වෙනස සිදුකල බවයි.

කෙසේවෙතත් නත්තල් වැනි උත්සව සමයක් එළඹීමේදී Lay-by ක්‍රමයට විශේෂයෙන් සෙල්ලම් භාණ්ඩ වැනි දෑ මිළදී ගන්නා පාරිභෝගිකයන් මීට දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ අඩු ආදායම් ලාභීන් විසින් පසුව ගෙවීමේ අරමුණින් කලින් භාණ්ඩ වෙන් කරවා ගැනීම Big-W හි නව තීරණයත් සමග අපහසු වන බවයි.

සේවා ගාස්තුව ඩොලර් 15 ක් නොව ඩොලර් 05 ක් වැනි අගයක් දක්වා අඩු කල යුතු බවටද ඔවුන් යෝජනා කර සිටිනවා.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »