නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තීය සමිති අඩියක් පස්සට ගනී

සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ එක් පියවරක් ලෙස ලබන සතියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ Opal යන්ත්‍ර අක්‍රීය කිරීම අත් හැරීමට නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ වෘත්තීය සමිතිවල මෙම ක්‍රියාමාර්ගය ප්‍රාන්ත රජය විසින් Fair Work Commission හමුවේ අභියෝගයට ලක් කිරීමත් සමගයි.

සැප්තැම්බර් 21 වනදා සිට ප්‍රාන්තයේ සියලුම දුම්රිය – ට්‍රෑම් සහ බස් රථ සඳහා අදාල වන පරිදි යන්ත්‍ර අක්‍රීය කිරීමටයි වෘත්තීය සමිති කටයුතු යොදා තිබුණේ.

වෘත්තීය සමිති විසින් යන්ත්‍ර අක්‍රීය කලහොත් එය අනාරක්ෂිත වනු ඇති බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් Fair Work Commission වෙත පෙන්වා දී ඇත්තේ.

සැප්තැම්බර් 21 වනදා සිට දුම්රිය මාර්ග පද්ධතියේ සියලුම Opal යන්ත්‍ර සම්පූර්ණයෙන් අක්‍රීය කරන බවටයි වෘත්තීය සමිති නිවේදනය කර සිටියේ.

මේ හරහා මගීන්ට නොමිළයේ දුම්රියේ යාමට අවස්ථාව උදාවන අතර එමගින් NSW ප්‍රාන්ත රජයට දැඩි අලාභයක් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම සහ සේවා ගුණාත්මකභාවය වැඩි කරන ලෙස ඉල්ලමිනුයි නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති මාස ගණනාවක සිට විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන්නේ.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »