Search

$ 05 නෝට්ටුවට මුහුණු ගොඩක් ?

02 වන එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග ඔස්ටේ්‍රලියානු ඩොලර් 05 නෝට්ටුවේ අනාගතය සම්බන්ධයෙන් මතවාද රැසක් නිර්මාණය වී තිබෙනවා.

ඇතැමුන්ගේ ස්ථාවරය වන්නේ දීර්ඝ කලක ඔස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කල රැජිණගේ රුව අඛණ්ඩව ඩොලර් 05 නෝට්ටුවට යොදාගත යුතු බවයි.

කෙසේවෙතත් තවත් පිරිසක් පෙන්වා දෙන්නේ මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ නව රාජ්‍ය නායකයා බවට 03 වන චාල්ස් රජු පත්ව ඇති බැවින් අලුතින් මුද්‍රණය කරන නෝට්ටු සඳහා ඔහුගේ රුව භාවිත කල යුතු බවයි.

අතීතයේ සිටම මෙරට පැවති සම්ප්‍රදායක් වූයේ අඩුම වටිනාකමක් සහිත නෝට්ටුවට රටේ රාජ්‍ය නායකයාගේ රුව යොදාගත යුතු බවයි.

එම සම්ප්‍රදාය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව ඔවුන්ගේ මතය වනවා.

කෙසේවෙතතත් 03 වන මතයක් ඉදිරිපත්වී ඇත්තේ ජාත්‍යන්තරයට නම ගෙන ගිය ඔස්ටේ්‍රලියානුවෙකුගේ රුව ඩොලර් 05 නෝට්ටුවට යොදාගැනීම වඩාත් සුදුසු බවයි.

ඒ සඳහා වන ආදර්ශ නෝට්ටු පවා පිරිසක් විසින් මේ වනවිටත් නිර්මාණය කර අවසන්.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »