
රුසියානු හමුදා විසින් යුක්රේනයේ කාර්කිව් කලාපයේ පසුගිය මාර්තු මාසයේ සිට රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු බේරා ගැනීමට යුක්රේන හමුදා සමත්ව තිබෙනවා.
ඔවුන් සියලු දෙනා Kupyansk නම් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවයි යුක්රේන ජනාධිපති වොලොඩ්මිර් සෙලෙන්ස්කි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම පිරිස භූගත බංකරයක රඳවනු ලැබ සිට ඇති බවද සඳහන්.

යුක්රේන හමුදා විසින් කාර්කිව් කලාපයේ සිදුකරන ලද මෙහෙයුමක් අතරතුරදී මෙම පිරිස ගලවාගෙන තිබෙනවා.
ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා කියාසිටියේ.
