මැණිකේ යළිත් ඉන්දියාව ආක්‍රමණය කරයි

yohani

ලොවක් අමන්දානන්දයට පත්කළ යොහානි ද සිල්වා ගයන මැණිකේ මගේ හිතේ ගීතය, දෙස් විදෙස් රසික ජනතාව ආදරයෙන් වැළඳගත් ගීතයකි.

විශේෂයෙන් ඉතා කෙටි කාලයක් තුළ බොලිවුඩය පුරා රැව්පිළිරැව් දුන් ගීතයක් බවට පත් විය.

එම ගීතයේ කොටස් සිංහලෙන් සහ හින්දියෙන් ඔක්තෝබර් 25 වනදා සිට තිරගත වීමට නියමිත ‘තෑන්ක් ගෝඩ්’ නම් බොලිවුඩයේ නවතම චිත්‍රපටයට අඩංගු කර තිබුණි.

එම ගීතය කොටස් අද (16) අන්තර්ජාලයට නිකුත් කෙරිණි.

යොහානි මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස් ලේබලය වෙනුවෙනි.

අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි ඇතුළු අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

එම ගීතය පහතින්.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »