ක්වීන්ස්ලන්ත දේශ සීමා දොරටු නිව් සවුත් වේල්ස් වැසියන්ට ළඟදීම විවෘත කෙරේ.

ක්වීන්ස්ලන්ත දේශ සීමා දොරටු නිව් සවුත් වේල්ස් වැසියන්ට ළඟදීම විවෘත කෙරේ. Plans for Queensland to reopen the border to all of NSW.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණය මඟින් දින 28 ක් කොරෝනා ආසාදිතයින් අඛණ්ඩව වාර්තා නොවූවොත්  නොවැම්බර් 1  සිට​ මුළු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටම ක්වීන්ස්ලන්ත දේශ සීමා​ නැවත විවෘත කිරීමට සූදානම් වේ.

ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk විසින් “COVID Safe Future” මාර්ග සිතියමකින් ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ අදියරයන් ප්‍රකාශයට පත් කරන ලදී.

අද සවස 4.00 සිට ප්‍රාන්තය පුරා බාර් සහ අවන්හල්වල සිටගෙන, කෑමට සහ බීමට අවසර දෙනු ලැබේ.

නොවැම්බර් 1 වනදා ආරම්භ වන 5 වන අදියර සඳහා පුද්ගලික රැස්වීම් සඳහා පුද්ගලයින් 40 දෙනෙකුට සහ මංගල උත්සවවලදී 40 දෙනෙකුට නර්තනය සඳහා අවස්ථාව ලබා දෙනු ඇත.

 

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »