18 ට වැඩි අයට පැරසිටමෝල් අලෙවිය සීමා කිරීම කෙරෙහි TGA අවධානය

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන්ට පැරසිටමෝල් අලෙවි කිරීම සීමා කිරීම කෙරෙහි ඔස්ටේ්‍රලියා බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

පැරසිටමෝල් අධි භාවිතය හමුවේ මෙරටදී සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමත් රෝහල්ගතවන තැනැත්තන් ගණන ඉහළයාමත් සැළකිල්ලට ගෙනයි ජාතික ඖෂධ පරිපාලන අධිකාරිය (TGA) මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අනුව අවුරුදු 18 ට වැඩි තැනැත්තන් සඳහා ඖෂධ වට්ටෝරුව (prescription) නොමැතිව පැරසිටමෝල් අලෙවි නොකිරීමටත් එක් අයෙකුට නිකුත් කරන පැරසිටමෝල් පැකට් සංඛ්‍යාව 01 කට හෝ 02 කට සීමා කිරීමටත් අවධානය යොමුවී තිබෙනවා.

පැරසිටමෝල් අධි භාවිතය හමුවේ වසරකට ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 50 කට අධිකයි.

එමෙන්ම කාන්තාවන් සහ තරුණ තරුණියන් සැළකිය යුතු පිරිසක් දිනපතා රෝහල්ගත කෙරෙන බව ද සඳහන්.

ලබන ඔක්තෝබර් 14 වනදා තෙක් අදහස් හා යෝජනා ලබාගෙන මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි TGA සූදානමින් සිටින්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »