රැජිණට බුහුමන් දක්වන්න – අගමැති ඇල්බනීස් ලන්ඩන් නුවරට

දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් මහා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.

රාජකීය ඔස්ටේ‍රලියානු ගුවන් හමුදාවට අයත් යානයකින් අගමැතිවරයා – ඔහුගේ බිරිඳ – ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි ඇතුලු පිරිසක් ඊයේ පස්වරුවේ සිඩ්නි නුවරින් ලන්ඩන් බලා පිටත්ව ගොස් තිබුණා.

රැජිණගේ අවමංගල්‍ය උත්සවය ලබන සඳුදා පැවැත්වෙන අතර ඊට පෙර දින 03 වන චාල්ස් රජු විසින් පවත්වන වැඩසටහනකටද අගමැති ඇල්බනීස් සහභාගි වනු ඇති.

බ්‍රිතාන්‍ය – කැනඩා – අමෙරිකා – ප්‍රංශ යන රටවල අගමැතිවරුන් සහ රාජ්‍ය නායකයන් හමුවීමටද අගමැති ඇල්බනීස් සූදානමින් පසුවනවා.

මේ අතර සොලමන් දූපත් – පැපුවා නිවු ගිනියා – ටුවාලු – සමෝවා යන පැසිෆික් රාජ්‍යයන් හි නායකයන්ට ලන්ඩන් දක්වා යාමට පහසුකම් සැපයීමටද ඔස්ටේ්‍රලියාව ඉදිරිපත්ව සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »