වැඩිම දියර කිරි නිෂ්පාදන රටවල් 10 න් ඔස්ටේ්‍රලියාව හැලේ

ඉදිරි සති කිහිපය තුළ ඔස්ටේ්‍රලියාවේ දියර කිරි මිළ ලීටරයක් සත 20 ත් 30 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවට වෙළඳපොළ වාර්තා අනාවැකි පළකරනවා.

නිෂ්පාදන පිරිවැය ඉහළයාම සහ ලීටර් මිලියන 350 කින් පමණ නිෂ්පාදනය අඩුවීම මීට ප්‍රධාන හේතුව බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

විශේෂයෙන් සේවක හිගය හමුවේ ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල දියර කිරි කර්මාන්තය අඩාලවෙමින් පවතින බවටයි පශු කර්මාන්ත විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් වසර 10 ක් පමණ ගතවනවිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කිරි නිෂ්පාදනය මුලුමනින්ම නවතිනු ඇති බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ.

ලොව වැඩිම දියර කිරි නිෂ්පාදන රටවල් අතර මුල් ස්ථාන 10 ට ඔස්ටේ්‍රලියාව මේ වනවිට ඇතුළත්ව නොමැති බවද නවතම වාර්තාවක දැක්වෙනවා.

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »