
පසුගිය ජුනි කාර්තුවේදී ඔස්ටේ්‍රලියාවේ පුද්ගලයන් 900,000 ක් පමණ එක් රැකියාවකට වඩා කර ඇතැයි හෙළිවී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම හමුවේ විශේෂයෙන් බිල්පත් පියවා ගැනීම සඳහා රැකියා කිහිපයක් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති කවුන්සිලය පෙන්වා දෙන්නේ.
මේ අනුව වැඩකරන ජනගහනයෙන් 6.5% ක් ජූනි කාර්තුවේදී බහු රැකියාවල නියුක්තව සිටි බව තහවුරු වී තිබෙනවා.

අඛණ්ඩව ඉහළ යන පොළී අනුපාත හමුවේ නිවාස ණය සහ උකස් ගෙවීමට අමතර මුදල් සොයා ගැනීමද මෙලෙස රැකියා කිහිපයක නිරතවීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
ලබන මාර්තු මාසය පමණ දක්වා උද්ධමනය අඛණ්ඩව ඉහළ යනු ඇති බවටයි ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකර තිබුණේ.
