Search

වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් තම ස්ථානය ඉහළට රැගෙන යාමට සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව ඇත.

එහිදී කැපී පෙනෙන ස්ථානයක් හිමිකරගනිමින් තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් සටහනේ 4 වන ස්ථානය දක්වා ඔහු ඉහළට පැමිණ තිබේ.

තරගාවලිය ආරම්භ වනවිට ඔහු එම සටහනේ පසුවූයේ 8 වන ස්ථානයේය.

ඒ අනුව සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් වන Glenn Maxwell, J.J. Smit, Hardik Pandya සහ Zeeshan Maqsood පසුකර වනිඳු ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ ඇත.

ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 184කි.

ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මුල්තැන පසුවන්නේ ප්‍රසාද ලකුණු 248ක් හිමිකරගෙන සිටින බංගලාදේශ කණ්ඩායමේ නායක Shakib Al Hasanය.

එසේම සුපිරි ක්‍රීඩක වනිඳු ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේද එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ.

ප්‍රසාද ලකුණු 692ක් හිමිකරගනිමින් ඔහු මේ වනවිට එම ශ්‍රේණිගත කිරීමේ 6වන ස්ථානයේ පසුවෙයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු වන භානුක රාජපක්ෂ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 33ක් පසුකර ඉදිරියට ඒමට සමත්ව තිබේ.

ඒ අනුව මේ වනවිට භානුක එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ ප්‍රසාද ලකුණු 524ක් හිමිකරගනිම්න් 34 වන ස්ථානයේ පසුවෙයි.

එම ශ්‍රේණිගත කිරීමේ සටහනේ මුල්තැන හිමිකරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Pat Cumminsය.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »