NSW දුම්රිය මගීන්ට යළිත් නොමිළයේ යාමට අවස්ථාවක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා සියලුම Opal යන්ත්‍ර ලබන සතියේදී අක්‍රීය කිරීමට ප්‍රවාහන වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල එක් අධියරක් ලෙසයි.

සැප්තැම්බර් 21 වනදා සිට දුම්රිය මාර්ග පද්ධතියේ සියලුම Opal යන්ත්‍ර සම්පූර්ණයෙන් අක්‍රීය කරන බවටයි වෘත්තීය සමිති අද නිවේදනය කර සිටියේ.

මේ හරහා මගීන්ට නොමිළයේ දුම්රියේ යාමට අවස්ථාව උදාවන අතර එමගින් NSW ප්‍රාන්ත රජයට දැඩි අලාභයක් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම සහ සේවා ගුණාත්මකභාවය වැඩි කරන ලෙස ඉල්ලමිනුයි නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති මාස ගණනාවක සිට විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »