Search

මහේල මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරය අතහරී

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත් වී තිබෙනවා.

ඒ කණ්ඩායමේ ගෝලීය දක්ෂතා ප්‍රධානී ලෙස නව තනතුරක් භාර ගැනීම සඳහායි.

මේ අනුව අයි පී එල් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් – ILT20 තරගාවලියේ  MI Emirates සහ SAT20 තරගාවලියේ MI Cape Town යන කණ්ඩායම් 03 ම අයත් එකම සමූහයේ සියලුම පුහුණුවිම් මහේල ජයවර්ධන යටතටයි පවරා ඇත්තේ.

2017 වසරේදී මහේල මුම්බායි ඉන්ඩියන්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ අතර වසර 03 කදී කිරුළ ඔවුන්ට දිනාදීමට සමත්වුණා.

මුම්බායි ඉන්ඩියන්ස් නව ප්‍රධාන පුහුණුකරු කවුරුන්දැයි මේ දක්වා ප්‍රකාශයට පත් කර නැහැ.