
ඉදිරි සති 02 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ බොහෝ ප්‍රධාන නගරවල පෙට්‍රල් මිල ගණන් ලීටරයක් ඩොලර් 02 ඉක්මවනු ඇති බවට අනාවැකි පළවනවා.
දැනට බොහෝ ප්‍රදේශවල පෙට්‍රල් මිළෙහි සාමාන්‍යය සටහන් වන්නේ ඩොලර් 1.60 ක් ලෙසයි.
කෙසේවෙතත් සැප්තැම්බර් 30 වනදා සිට පෙට්‍රල් බදු සහනය ඉවත් කිරීමත් සමග ඉන්ධන මිළ කැපී පෙනෙන අගයකින් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පෙට්‍රල් ලීටරයක් සඳහා අයකරනු ලැබූ සත 25 ක බද්ද කපාහැරීමට පැවති ස්කොට් මොරිසන් රජය පසුගිය මාර්තු මාසයේදී පියවර ගනු ලැබුවා.
එය මාස 06 ක් බලාත්මක වීමෙන් අනතුරුවයි ලබන 30 වනදා සිට ඉවත් කරනු ලබන්නේ.
